
06 July 2026
NAIDOC සතිය: ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාව ගැන ඉගෙන ගන්න අවස්ථාවක්
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
About
NAIDOC Week කියන්නේ Aboriginal සහ Torres Strait Islander ජනතාවගේ ඉතිහාසය, සංස්කෘතිය සහ ජයග්‍රහණ සැමරීමට වෙන් වූ ජාතික සතියක්. NAIDOC කියන නම පැමිණෙන්නේ National Aborigines and Islanders Day Observance Committee කියන ඉංග්‍රීසි නාමයේ මුල් අකුරු වලින්. මෙය සැමරුමක් පමණක් නොවෙයි; ස්වදේශික ජනතාව මුහුණදුන් අසාධාරණතා, ඔවුන්ගේ අයිතිවාසිකම් සඳහා ඔවුන් සිදුකල කළ අරගලය, සහ අදටත් අවශ්‍ය වෙනස්කම් ගැන සිතා බැලීමටත් මෙය වැදගත් අවස්ථාවක්.