26 August 2026
සංක්රමණ නියෝජිතයෙකුගේ සහාය පැතීමට පෙර MARN ලියාපදිංචි අංකය පරීක්ෂා කළ යුත්තේ මේ නිසයි
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
About
Office of the Migration Agents Registration Authority (OMARA) විසින් ලියාපදිංචි සංක්රමණ නියෝජිතයන්ගේ අක්රමිකතා සම්බන්ධයෙන් වන ක්රියාමාර්ග තවදුරටත් දැඩි කර තිබෙනවා. මේ වන විටත් තිදෙනෙකුට එරෙහිව දැඩි පියවර ගෙන අවසන්. මේ එකිනෙකට වෙනස් සිදුවීම් තුනක්. මේ තුන් අවස්ථාවේ ම තම ලියාපදිංචි අංකය වෙනත් පාර්ශ්වයන්ට භාවිත කිරීමට (Front Agent) අවස්ථාව ලබා දී ඇති බවයි සඳහන් වන්නේ. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.