කාලීන විග්‍රහය: හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීමත් දොන් බ්‍රැඩ්මන්ගේ හිස් වැසුම ඩොලර් ලක්ෂ ගණනකට වෙන්දේසි වේ
09 February 2026

කාලීන විග්‍රහය: හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීමත් දොන් බ්‍රැඩ්මන්ගේ හිස් වැසුම ඩොලර් ලක්ෂ ගණනකට වෙන්දේසි වේ

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

About
හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් (ඩොන් බ්‍රැඩ්මන්) පැලඳී හිස්වසුමක් පසුගියදා පැවති වෙන්දේසියකදී ඩොලර් 460,000ක මුදලකට අලෙවි වී තිබුනා. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් පළඳින මේ හිස්වසුම බැගී ග්‍රීන් කියල හඳුන්වනවා. මේ වගේ ක්‍රීඩාවට සම්බන්ධ විශේෂ මතක සටහන් විශාල මුදල් ප්‍රමාණයන්ට ලොව පුරා අලෙවි වනවා අපට දැකගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු සුපිරි දඟපන්දු යවන්නකු වන ශේන් වෝර්න්ගේ හිස් වැසුමක් ඩොලර් මිලියනයකට වඩා වැඩි මුදලකට 2020 වසරේ පැවති වෙන්දේසියකදී අලෙවි වුනා. ඩොන් බ්‍රැඩ්මන් මහතා ක්‍රීඩා කරන විට පැලඳී මේ හිස්වසුමට ලැබුණු වටිනාකමත් එක්ක මේ වගේ ක්‍රීඩාවේ විශේෂ මතක සටහන් වලට පසුගිය කාලයේ ලැබුණු වටිනාකම් ගැන තොරතුරු හොයා බලන්න අද කාලීන විග්‍රය වෙන්වෙනවා