කාලීන විග්‍රහය: සතියට දින තුනක්, 90%ක් දක්වා 'Childcare' දීමනාව ලබාදීම ජනවාරි 5 වනදා සිට ක්‍රියාත්මකයි
08 January 2026

කාලීන විග්‍රහය: සතියට දින තුනක්, 90%ක් දක්වා 'Childcare' දීමනාව ලබාදීම ජනවාරි 5 වනදා සිට ක්‍රියාත්මකයි

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

About
ළමා සුරැකුම් මධ්‍යස්ථාන, එහෙම නැතිනම් 'childcare' මධ්‍යස්ථාන වලට ළමුන් ඇතුලත් කිරීමේදී දින තුනක් දක්වා 90%ක දීමනාවක් සහතික කරන්න රජය දැන් කටයුතු කරලා තියෙනවා. ඒ අනුව මින් පෙර පැවති 'activity test' ලෙස හඳුන්වන සුදුකම් ලැබීමේ පරීක්ෂණයේ අවශ්‍යතාවයද ඉවත්වී, දින තුනක් පුරාවට මෙම දීමනාව ලබා ගැනීමට දෙමාපියන්ට හැකි වෙනවා. මේ වෙනුවෙන් අමතර ඩොලර් මිලියන 430ක පමණ මුදලක් වෙන්කරන්න රජය කටයුතු කරනවා. මේ හරහා දහස් ගණනක් දෙමාපියන්ට සහන ලැබෙන බව රජය පවසනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.