58. වුත්තං හේතං භගවතා වුත්තමරහතා’ති මේ සුතං.
භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
1. තිස්සෝ ඉමා භික්ඛවේ තණ්හා. කතමා තිස්සෝ? කාමතණ්හා භවතණ්හා විභවතණ්හා. ඉමා ඛෝ භික්ඛවේ තිස්සෝ තණ්හා’ති.
“පින්වත් මහණෙනි, තණ්හාව තුන් විදිහකින් තියෙනවා. ඒ තුන් විදිහ මොනවාද? කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව. පින්වත් මහණෙනි, මේවා තමයි තුන් ආකාරයක තණ්හාව.”
ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං ඉති වුච්චති:
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
2.“තණ්හායෝගේන සංයුත්තා රත්තචිත්තා භවාභවේතේ යෝගයුත්තා මාරස්ස අයෝගක්ඛේමිනෝ ජනාසත්තා ගච්ඡන්ති සංසාරං, ජාතිමරණගාමිනෝ
“තණ්හා බන්ධනයෙන් බැඳී ගිය සත්වයන් හැම භවයකම ඇලිච්ච සිතින්ම තමයි ඉන්නේ. ඒ අය මාරයාගේ බන්ධනයට අහුවෙලා ඉන්නේ. ඒ ජනයා බන්ධනවලින් මිදිලා නෑ. ඔවුන්ට සිද්ධ වෙන්නේ නැවත නැවතත් සංසාරේ ජරා මරණවලට යන්නමයි
යේ ච තණ්හං පහත්වාන වීතතණ්හා භවාභවේතේ වේ පාරංගතා ලෝකේ යේ පත්තා ආසවක්ඛය”න්ති
ඒත් යම් කෙනෙක් තණ්හාව ප්‍රහීණ කරලා, කිසි භවයක නොඇලී ඉන්නවා නම්, යම් කෙනෙක් ආශ්‍රව ක්ෂය කිරීමට පත්වුනා නම්, ඔවුන් තමයි ලෝකයෙන් එතෙරට ගියේ.”
අයම්පි අත්ථෝ වුත්තෝ භගවතා. ඉති මේ සුතන්ති.
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
උතුම් වූ ධර්මදානය පිණිස මෙම දෙසුම ඔබේ මිතුරන් අතරේ බෙදාහරින්න